Friday, December 7, 2012

ලෝකයේ දැනට වැඩිම මිනිසුන්ගණනක් මරා දමා තිබෙන සත්වයා තමයි , මැලේරියාව බෝකරන ඇනෝපිලිස් මදුරුවා.


ලෝකයේ 2011 නිකුත්කළ මැලේරියා පිළිබද වාර්තා අනුව, මැලේරියා රෝගීන් මිලියන 216 ක් පමණ, ඒ කියන්නෙ කෝටි 21 හමාරක් විතර සිටි බව වාර්තා වෙනවා. 2010 වසරේ විතරක් කඩදාසි වල සටහන් වුනු මරණ පමණක් හය ලක්ෂ පණස්පන් දහසක් ,655000, වාර්තා වෙනවා. හරියටම සංඛ්‍යාලේඛණ නොමැතිව වාර්තා වෙලා තියෙන විදියට එය නව ලක්ෂ හත් දහසක්පමණ වන බවයි ලෝක සවුක්ය සංවිධානය කියන්නෙ. රෝගීන් ගෙන් වැඩි කොටසක් වාර්තා වෙන්නෙ අප්‍රිකා රටවලින්.

මැලේරියාව බෝවෙන්නෙ ප්ලස්මෝඩියම් කියන පරපෝෂිතයා ගෙන්. ඇනොපිලිස් මදුරුවා තමා මේ ප්ලස්මෝඩියම් ව මිනිසාගෙන් මිනිසාට අරගෙන යන්නෙ. ඒ හින්දයි ලෝකෙ වාර්තා වෙන්නෙ අවුරුද්දකට ලක්ෂ 10 ක් විතර මිනිස් ජීවිත නැති කරලා දාන ලෝකයේ භයානකම සත්වයා.. ඇනෝපිලිස් මදුරුවා කියලා.

- තොරතුරු - ශ්‍රී නිමල්පද්මකුමාර ගෙන් -



.

No comments:

Post a Comment