Friday, December 7, 2012

ඔබ දන්නවාද.. ලොව උසම තණකොළ වර්ගය තමා ,අප කවුරුත් දන්නා උණ ගස්..





අඩි 100 කටත් වඩා උසට වැවෙන තණකොළ වර්ගය වන උණ ගස් වර්ග 1000 ක් පමණ සොයා ගෙන තියෙනවා. අප සාමාන්‍යයෙන් උණ ගස්කියා කීවත් එය තණකොළ වර්ගයක්බව අමතකකරන්නට නරකයි. උණ, පදුරු වශයෙන් වැවෙන ශාකයක්.සමහර උණ පදුරු අවුරුදු 100 ක් පමණ කල් පවතින බවත් සොයාගෙන තියෙනවා. හොද සරුසාර උණ ගසක් දවසකට සෙ.මී. 40ක් විතර වැඩෙනවා. 


මිනිසාට ඉතා ප්‍රයෝජනවත් ශාකයක්වන උණ, ලාභයටත්,පහසුවටත්සොයා ගන්න පුලුවන්. ඒ වගේම බට නලාවේ සිට ගෘහ භාණ්ඩ දක්වා බොහෝ දේ නිර්මාණය කරන්න පුලුවන්සැහැල්ලු ලීයක්මෙම ශාකයෙන් මිනිසාට ලබා ගන්න පුලුවන්. ඒත්... අමතකකරන්න එපා.. උණ කියන්නෙ තණකොළ ජාතියක්..
                                               
  - තොරතුරු -  ශ්‍රී නිමල් පද්මකුමාර ගෙන් -

No comments:

Post a Comment