Friday, December 7, 2012

ලොව පළමු මුද්දරය - පෙනී බ්ලැක්



ලොව මුල්ම මුද්දරය නිකුත් කරනු ලැබුවේ මහා බ්‍රිතාන්‍යය විසින් 1840 මැයි මාසයේ 8 වෙනිදායි. වික්ටෝරියා රැජිනගේ හිසෙහි රූපයක් සහිතව නිකුත් කළ එය කලු පැහැයෙන් යුක්තවූ අතර, වටිනාකම පෙනී හෙවත් පැන්ස 1 ක් විය. එනිසා එය පෙනී බ්ලැක් යන නමින් ලොව ප්‍රසිද්ධ විය.  මහා බ්‍රිතාන්‍යයේ තවත් අවුරුදු 60 ක් යන තුරුම මුද්දර වලට ඇතුලත් වුනු රුව වික්ටෝරියා රැජිනගේ හිස ම විය.


ශ්‍රීමත් රෝලන්ඩ් හිල්


බ්‍රිතාන්‍ය ජාතික රෝලන්ඩ් හිල් නමැත්තා 1837 දී ලිපි කවර වල ඇලවිය හැකි මුද්දරයක ක්‍රමවේදය සොයා ගත් අතර, 1840 දී එය මුල්වරට තැපැල් ලිපි යැවීම සදහා හදුන්වා දෙන ලදී. එම සේවය අගය කරමින් පසු කලෙක ඔහුට නයිට් පදවියක් පිරිනැමුනු අතර, එන් පසුව ඔහුගේ නම ශ්‍රීමත් රෝලන්ඩ් හිල් ලෙස හදුන්වන ලදී.

  - තොරතුරු -  ශ්‍රී නිමල් පද්මකුමාර ගෙන් -

No comments:

Post a Comment